කථාව
ටාශි නිතින් සහ අරුප් කියන්නේ දිල්හි නගරයේ අපිරිසිදු මහල් නිවාසයක බොහොම අපිලිවෙල ජීවිත ගත කරන තුන් දෙනෙක් . වෘත්තියෙන් මාධ්‍යවෙදියෙක් වුනු ටාශිත් ඔහුගේ මිතුරනුත් අමුතු ඇබැද්දියකට මුහුණ පාන්නේ ටාශිගෙ පෙම්වතිය ලබාදෙන පාර්සලයක් නිසා . මේ සම්බන්ධ සිදුවීම් ජාලය තමයි බොහොම හාස්‍යෝත්පාදක ආකාරයට දිල්හි බෙලි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ
නිල ප්‍රචාරක පටය (uncensored )
අපේ අදහස |Editor's Comments
- වැඩිහිටි රසාස්වාදයට සුදුසු කොමඩි වර්ගයේ චිත්‍රපටියක් විදිහට තමයි අමීර් කානුත් මේ නිර්මාණය නම් කලේ , ඒ අතින් ඉතාම සාර්ථක ලෙස මේ චිත්‍රපටය එම කාර්යය ඉටු කරනවාය කියල කියන්න පුලුවන්
- කොමඩි චිත්‍රපටියක් උනත් අධිරංගනයන් භාවිතා නොකර යථාර්තවාදී චරිත හා සිදුවීම් හරහා ඒ හාස්‍යය මතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනව
- සමාජීය ලක්ෂණ සමහරකට වගේම බොලිවුඩ් සිනමාවේ ඇතැම් තැන් වලට පවා අලංකාර ලෙසින් පහර දෙන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
- ලිංගික දර්ශන වශයෙන් නම් යමක් නැති උනත් (සිප ගැනීම් හැර ) පාවිච්චි කරන වචන වගේම ඇඟවීම් වගේ දේවල් නිසා කුඩා දරුවෙකුට නම් කිසිසේත්ම සුදුසු නැ , අඩුම තරමේ වයස 16ක් වත් වුන කෙනෙක් විය යුතුයි කියලයි අපේ නිර්දේශය
- රංගනය , අධ්‍යක්ෂනය , සංස්කරණය ඇතුලු චිත්‍රපටියේ සියලු අංග නිර්මාණයෙ තේමාවට අදාල ඉතාම හොඳ මට්ටමේ පවතිනව කියල කියන්න පුලුවන්
- ඉහලින් තියන නිල ප්‍රචාරක පටය චිත්‍රපටිය පිලිබඳ ඉතාම නිවැරදි සාම්පලයක් කිව්වොත් නිවැරදියි , අනිවාර්යයෙන්ම ඒක බලන්න ඔබේ ඒ විඩියෝව හිතට අල්ලනවා නම් ඔබ චිත්‍රපටියටත් කැමති වෙන එක සහතිකයි
- අපි සඳහන් කරල තියන කරුණු කාරණා ඔය නිල ප්‍රචාරක පටියෙන් බලාගන්න පූලුවන් ,සාමාන්‍ය බොලිවුඩ් රසිකයෙකුට විතරක් නෙවෙයි ඕනිම චිත්‍රපටි රසිකයෙකුට මේ චිත්‍රපටිය අපුරු වින්දනයක් එක කරාවි