ශ්‍රි ලාංකිකයෙකුට ආඩම්බරයෙන් සිහිපත් කල හැකි අවස්ථාවක් ලද සංගා සිදු කල කථාවද ශ්‍රි ලාංකීය ක්‍රිඩා ලෝලීන් ගෙ හදවත් තුල පමණක් නොව ලොව පුරා ක්‍රිඩා ලෝලීන් දහස් ගණනකගේද සිත් තුල දිගු කලක් රැව් පිලි රැව් දෙනු ඇත . සොඳුරු ක්‍රිඩාවක් දේශාපාලනීකරණය වීමේ විපාක අත්විඳිනා පලමු දේශය අප නොවූවත් , අප මේ වන විට ගත කරමින් සිටින්නේ එහි අඳුරුතම අවධිය බැව් නම් පැහැදිලිය . ක්‍රිකට් ලෝලීන් අතර කොතරම් කථා බහ වුවත් මෙතෙක් කල් ක්‍රිඩාවේ නියුතු කිසිදු ක්රිඩකයෙකුගෙ මුවින් නොනික්මුන නිර්භීත ප්‍රකාශය සිදු කල සංගා තමන් විශිෂ්ඨ ක්‍රිඩකයෙකු මෙන්ම කශේරුකාවක් ඇති මිනිසෙකුද වන බැව් ලොවටම සනාථ කලේය .
දැන් ඉතිරිව ඇත්තේ වගකිව යුත්තන්ගෙ කාර්යභාරයයි . සංගාට දේශද්‍රෝහි ලේබල් ඇලවීම හෝ සංගාගේ අයිපීල් සල්ලි පිලිබඳ බලු කථා හැදීම වැනි තුච්ඡ ක්‍රියා වෙනුවට අවශ්‍යව ඇත්තේ බහුතර ශ්‍රි ලාංකිකයින්ගේ හදගැස්මට බද්ධ වූ සොඳුරු ක්‍රිඩාව , දේශපාලන මඩගොහොරුවෙන් හා වංචා දූෂණයෙන් ගොඩ ගැනීමයි .
දළදා ප්‍රදර්ශනය
-
කොයි කවුරුත් දළදා මාලිගාවට ගිහින් තිබුණට දළදා වහන්සේව සියැසින් දැකලා
නැතුවැති නේ. ඔන්න අද ඉඳලා ඒ කියන්නේ අප්‍රේල් 18 ඉඳලා අප්‍රේල් 27 වෙනිදා
වෙනකන් දළදා...
5 comments:
මං නං හිතන්නේ නෑ ඔය කතා සංගා කීවාය කියලා.
චැනල් 4 එකෙන් ඩබ්කරලා වගෙයි නේද?
ඒ උනාට ඔය දේ අපේ අය කොහොම තේරුම ගනීද කියන එක තමයි ප්‍රශ්නේ..දනටමත් සංගාට අපේ "දේශපාලුවෝ" එක එක දේවල් කියන්න පටන් අරගෙන නේ..
@Kathandhara - අනේ මන්ද , මේ යන ලයින් එකේ හැටියට එහෙම වෙන්නත් පුලුවන් . මේ පැත්තේ ආවටත් , ප්‍රතිචාරයටත් බොහොම ස්තුතුයි කතන්දර අය්යේ
@Chamma - සංගගේ කථාවෙන් රෙදි ගැලවුණා කියල හිතාන දැඟලුවට , ඔය දේශපාලකයින් කොහොමටත් රෙදි ගැලවිල යන වැඩ ගොඩකට දායක වුන උදවිය .. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝ
ඔය කතාව හින්දා සංගට මාරම කේස් එකක් දැම්මා නේ ? මොනා උනත් ඇත්තම කියලා තියෙනවා.
ප.ලි. - කලින් ෆලෝ කරලා ගියාට දැන් තමයි කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුනේ.
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට
Post a Comment