Sunday, August 21, 2011

Buddha Hoga Tera Baap චිත්‍රපටියේ විචාරය |Buddha Hoga Tera Baap Review

Note - මෙම ලිපිය "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද ලිපියකි . එහිදී නොකියවූ අය වෙනුවෙන් මෙහිද පල කරමි


බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සුපිරි රංගනයක නිරත වුන Buddha Hoga Tera Baap චිත්‍රපටිය පිලිබන්ද තොරතුරු අපි කලින් ඉදිරිපත් කලා . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ චිත්‍රපටියට අදාල විවරණය

01)Article 01
02)Article 02
03)DVD OUT

චිත්‍රපටියේ කථාව ගෙතිල තියන විදිහට ඒ ගැන යමක් සඳහන් කරන එක ඔබගේ රසාස්වාදයට ලොකු බාධාවක් වෙන්න පුලුවන් . මුල්ම ලිපියෙදි සඳහන් කරපු විදිහට අමිතාබ් බච්චන් හැත්තැව අසූව දශක වලදි රඟපාපු ආකාරයේ පාතාල සමාජික චරිතයක් තමයි මේ චිත්‍රපටියෙදිත් කරන්නෙ කියන එක මතක් කරන්න ඕනි . වයසට ගිය ඒත් හිතින් තරුණ සහ දක්ෂ පාතාල කල්ලි සමාජිකයෙකුගේ චරිතයක් තමයි අමිතාබ් කරන්නේ.

Editor's Comment | අපේ අදහස

  • මේ චිත්‍රපටිය නිමවුනේ අමිතාබ් වෙනුවෙන්ම බව තමයි චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා ප්‍රකාශ කලේ , ඒ වගේම ඉතින් චිත්‍රපටිය සම්පූර්නයෙන්ම ගෙතිලා තියෙන්නෙත් අමිතාබ් රඟපාන විජ්ජු කියන චරිතය වටා , විජ්ජු කථාවට ඇතුල් වුන තැන ඉඳන් රූප රාමු දෙක තුනක් ඇරුණාම ඉතුරු සියලු දර්ශන වල අමිතාබ්ව දකින්න පුලුවන්
  • චිත්‍රපටියේ කථාව සැහෙන තරමින් හොඳයි කියල කියන්න පුලුවන් . බොහොම සරල කථාවක් උනත් නොහිතන විදිහේ වෙනස් වීම් , විනෝදාත්මක ජවනිකා වගේම හොඳ ආදර්ශයකුත් මේ කථාවේ අඩංගුයි
  • චිත්‍රපටිය රුගත කිරීමේදි වර්ථමාන සිනමාවට අදාල කැමරා කෝන ආදිය භාවිතා කරල තිබුනත් . ක්‍රියාදාම දර්ශන සඳහා නම් භාවිතා කරල තියෙන්නේ අමිතාබ් ඒ කාලේ රඟපාපු චිත්‍රපට වල ක්‍රමයම තමයි . සිනමාවේ විර චරිතය ඉස්මතු කරන්න ඒ කාලේ භාවිතා කරපු රූප රාමු ආදියත් මේ චිත්‍රපටියේ තියනවා. අද කාලේ චිත්‍රපටියක ඒ වගේ දර්ශන දැක්කාම අස්භාවික හා බොලඳ ගතියක් දැනුනත් අමිතාබ්ගේ රංගනයත් නිසා මේ චිත්‍රපටිය ගැන නම් එහෙම දැනෙන්නේ නැ
  • සැහෙන තරම් හොඳ මට්ටමේ සංගීතයත් භාවිතා කරල තියන මේ චිත්‍රපටියේ අමිතාබ් ගෙ රංගනය නම් ඉතාම සුපිරියි . චිත්‍රපටියේ රසවින්දනය සම්පූර්නයෙන්ම පාදක වෙන්නේ ඔහුගෙ රංගනයත් එක්ක
  • ඔබ අමිතාබ් ගේ රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය ඔබේ සිත්ගනියි , එහෙම නොවුනත් බොහොම සරල විනෝදාත්මක චිත්‍රපටියක් බලන්න කැමති ඕනිම කෙනෙකුට මේ චිත්‍රපටිය ගැලපෙනව කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන ක්‍රියාදාම විතරක් නෙවෙයි නැටුම් දර්ශන වල පවා අමිතාබ් සලකුන රැදීල තියන බවත් අමිතාබ්ගෙ රසිකයින් වෙනුවෙන් සඳහන් කරන්න ඕනි
Ratings



  • Direction -3/5
  • Celebrities' Performance -4/5 (Credit Goes to BIG B )
  • Story - 3/5
  • Script - 3/5
  • Cinematography - 2.5/5
  • Music -3/5
  • Choreography -2.5/5
  • Art Direction - 2/5
  • Action - 2.5/5
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.75/5

2 comments:

සංකල්ප said...

මම නම් මේ ෆිල්ම් එක බලලා නෑ. මේක ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඕනා.
මල්ලි මර්ඩර් 2 ෆිල්ම් එක තියෙනවනම් ඒක පෝස්ට් කරන්න

DBL said...

මධුරංග අය්යට බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් වෙනද වගේම කමෙන්ටුවකුත් දාල ගියාට , මේ චිත්‍රපටිය Murder2 වලට වඩා සැහෙන්න හොඳයි . Murder2 බලාපොරොත්තු වුන තරමේ දෙයක් තියන චිත්‍රපටියක් නම් නෙමෙයි පහල තියෙන්නෙ ඒ "බොලිවුඩ් සිංහලෙන්" අපේ බොලිවුඩ් බ්ලොග් එකේ ලියවුන ලිපිය

http://bollywood-sinhala.blogspot.com/2011/08/murder-2-review.html

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...